දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශ තරගය හදිසියේම අතහැර ලංකාවට එයි..
ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත්ව තිබෙන බව වාර්තා වනවා.
තරගයෙන් ඉවත් වූ චන්දිමාල් කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔහු මෙලෙස තරගයෙන් ඉවත්වීමට හේතුව වී ඇත්තේ, චන්දිමාල්ගේ පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංගලාදේශයේ චැටෝග්‍රෑම් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනට තරගය මේ වනවිට ක්‍රියාත්මකයි.
මේ අතර, ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් අද සිය 41 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
ඒ, බංග්ලාදේශය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී වීම විශේෂත්වයක්.
පන්දු 67කට මුහුණ දෙමින්, මැතිව්ස් මෙම අර්ධ ශතකය වාර්තා කළා.
දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 125ක් රැස්කරගෙන සිටින අතර, ශ්‍රී ලංකා ඉනිමේ මේ දක්වා වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරගෙන සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස් වීම ද විශේෂත්වයක් වනවා.
