"මගෙ මහත්තයා මට කතා කරන්නේ සුදු අම්මි කියලා" - දිනේෂ්ගේ බිරිඳ කියන, ආදරණීය කතාව.. (PHOTOS)
ලංකාවේ අපි කවුරුත් ආදරේ කරන නව පරපුරේ ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ.මෑත කාලයේ දී දිනේෂ්ගේ ජනප්‍රිය වුනු ගීත රැසක්ම තියනවා.
ඒවා නම් මීවිත පිරුණා, මනමාල සිතක්, ඉරණම් ගමනේ, සංසාරේ වැනි ගීත නිරන්තරෙන් අපට ඇසෙනවා.සංගීතය වගේම දිනේෂ්ගේ පෞද්ගලික ජිවිතේ ගැන කතාකරද්දී විශේෂයෙන් විවහාය ගැන බොහෝ දෙනා අතර කතාකරන්න පටන් ගත්තා.ඒ දිනේෂ් විවහා වෙලා ඉන්නේ තමන්ට වඩා වයසින් ටිකක් වැඩිමල් කෙනෙක් එක්ක කියලා.
අද වෙනකොට වයසින් වැඩිමල් බාල කියලා ප්‍රශ්නයක් නැහැ.විවාහ වෙන්න දෙන්නම කැමතිනම් ඒක සිද්ද වෙනවා.ඒ වගේ දිනේෂ්ගේ සහ රැන්ඩෙලාගේ ආදර කතාවත් හරිම ලස්සන එකක්.
මේ දෙන්නට දෙන්නා කොච්චර ආදරෙන් ඉන්නවද කියලා ඔවුන් හැසිරෙන විදිය සහ කරන කියන දේවල් දැක්කම පේනවා. ආදරේ ගැන මුහුණු පොතේ බොහෝ වෙලාවට මේ දෙන්නම ලස්සන සටහන් තබනවා.ඒ අතරින් ඇස ගැටුණු එකක් තමයි මේ.
"කිසිම දවසක කිසිම හේතුවක් නිසා ඔයාව මගේ හිතෙන් ගලවලා පැත්තකින් තියන්න හේතු වුනේ නැහැ.මට කේන්ති ගිහිල්ලා ඉන්නකොටවත් ඔයා මගෙන් ඈත් වෙන්න ඕන කියලා හිතිලා නැහැ.ඉතින් ඕක තමයි අපි දෙන්නගේ ඉරණම.මගේ ජිවිතේ අන්තිම විනාඩිය වෙනකල් මම ඔයා එක්කම ඉන්නවා.ඔය හිනාව හැමදාමත් ඔයාගේ මූණෙ ඔය විදිහටම ලස්සනට කියලා මම ප්‍රර්ථනා කරනවා."
ඉතින් මෙන්න මේ විදියට තම ආදරණිය සැමියා වෙනුවෙන් සටහනක් තැබුවේ බිරිඳ රැන්ඩෙලා විසින්.
"මගේ මහත්තයා මට කතා කරන්නේ සුදු අම්මි කියලා.එහෙම කියන්න එයාට ලොකු හේතුවක් තියනවා.මේ වගේ ආදරයක් මට ලැබීම ගැන අද මම ගොඩක් සතුටු වෙනවා. අපි දෙන්නගේ ආදරේට වයස බාදාවක් වුනේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ.අපි දෙන්නගේ ලස්සන හදවත් වලට ඕනේ වුනේ ආදරේ විතරයි."
ඇත්තටම ආදරේ කරනවානම් ලස්සන,මිල මුදල්,වයස කියන දේවල් වැඩක් නැහැ කියලයි ඇය කිව්වේ.ඉතින් මේ වගේ ලස්සන ආදර කතා තවත් අහන්න දකින්න ලැබෙන්න කියලයි අපිනම් ප්‍රර්ථනා කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |