කිසිවකු ඔබේ සීමාවන්ගෙන් සිත් රිදවා ගනී නම් එය ඔවුන්ගේ ගැටලුවක්-දිනක්ෂි කියූ සැර කතාව (PHOTOS)

shanudri Dinakshi
By Sithumi Jan 17, 2022 12:12 PM GMT
Sithumi

Sithumi

Report

සාරංග දිනක්ෂි කියලා කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව අතර කතා බහට ලක් වන අපූරු රංගන ශිල්පීන් යුවළක් බව සඳහන් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔවුන් දෙදෙන අඩුම තරමේ දවසකට වතාවක් හෝ සමාජ මාධ්‍ය තුළ අලුත් කතාවක් නිර්මාණය කරනවා..

ඉතින් ඔවුන්ගේ පුංචි දුවත් සමගින් ඔවුන් බොහොම අපූරුවට ඔවුන්ගේ ජීවිතය ගෙනයනවා. ඒ අතර තුරේදී ඔවුන්ගේ සුවිශේෂී දේවල් ඔවුන්ට ආදරය කරනප්‍රේක්ෂක ජනතාව සමග බෙදා හදා ගන්නටත් කටයුතු කරනවා. ඒත් සමගම ඔවුන් පිළිබඳව කතාබහ වෙන අනිත් කාරණාව තමයි උමාලි සම්බන්ධ කාරණාවේදී. කොහොම නමුත් කාලෙන් කාලෙට විවිධාකාර වූ මාතෘකාවන් ඔස්සේ කරළියට පැමිණෙන ඔවුන් වෙත තිබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය නම් බිඳකුදු අඩු වෙලා නැතෙයි කියන කාරණාවත් මෙහිදී සඳහන් කරන්නට ඕනේ. 

විවේචන මද්‍යයේ වුවද ඔවුන් පිළිබඳව සමාජයේ කතාබහට ලක්වෙන්නේ තවමත් ඔවුන්ට ආදරය කරන විශාල පිරිසක් සමාජය ඇතුලේ ඉන්නවා කියන කාරණාව සනිටුහන් කරමින්. කොහොම නමුත් දිනාක්ෂි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පසුගිය දවසක ඡායාරූපයක් පළ කරමින් අපූරු සටහනක් ඉදිරිපත් කරනවා. මේ සටහන දී සඳහන් කරන්නේ, 2022 ඔබ පිළිබඳ අනවශ්‍ය පැහැදිලි කිරීම්වලින් තොරව සාමාන්‍ය ලෙස නැත යැයි පවසන්න. කිසිවකු ඔබේ සීමාවන්ගෙන් සිත් රිදවා ගනී නම් එය ඔවුන්ගේ ගැටලුවක් කියලා තමයි ඇය මෙය සටහන ඉදිරිපත් කර තිබෙන්නේ.

ඉතින් ඇය මෙලෙස සටහන් කරන්නට හේතු සාධකයක් බවට පත්වෙන්නේ නිරන්තරයෙන්ම ඔවුන් වෙනුවෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත පල කිරීම සම්බන්ධයෙන් ද කියන කාරණාව නම් හරියටම කියන්න දන්නේ නැති වුවත් මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් යම් අරුතක් තියෙන්නෙත් පුළුවන් කියන කාරණාවත් සම්බන්ධ වෙනවා. කොහොම නමුත් කාරණා කොයිහැටි වෙතත් සාරංග සහ දිනක්ෂි ඇතුළු පුංචි පවුලට බොහොම ආදරයෙන් සුබ ප්‍රාර්ථනා කරන අතරතුරේ දී රංගන කටයුතු වෙනුවෙනුත් බොහොම ආදරයෙන් සුබ ප්‍රාර්ථනා කරනවා.


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery