දියණියකට උපත දෙමින් දිනක්ෂි සහ සාරංග මව්පිය පදවි ලබයි (PHOTOS)

Srilanka covid 19 Coronavirus
By Sithumi Sep 27, 2021 04:10 PM GMT
Sithumi

Sithumi

Report

දිනක්ෂි සහ සාරංග කියූ සැනින් ඔබේ මතකයට එන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන රංගන ශිල්පීන් යුවළක්. බොහෝ දෙනෙකු දන්නා පරිදි දිනක්ෂි, පසුගිය දිනවල මව් පදවියට සුදානමින් සිටියා.

ඔවුන් ඒ ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ ප්‍රචාරය කරමින් තමයි හිටියේ. නමුත් ඔවුන් ලැබෙන්නට සිටින දරුවා ගැහැනුද, පිරිමි ද යන්න හෙළිකර සිටියේ නෑ. කොහොම නමුත් ඊයේ (26) දිනයේ දිනක්ෂි, සිඟිති දියණියකට උපත ලබා දී තිබෙන බව ඇයගේ නැගණිය වන ශනුද්‍රි සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී තහවුරු කර සිටියා.

එහිදී ශනුද්‍රි පැවසුවේ තමා දැන් පුංචි කෙනෙකු බැවින් වෙනසකට මුල පුරමින් සතුටින් සිටින බවයි. එහිදී ඇය තවත් කියා සිටියේ සැප්තැම්බර් මාසය ඇයගේ උපන්දිනය යෙදී තිබීම ගැන තමා තවත් සතුටු වන බවයි. එමෙන්ම පසුගිය දිනෙක දිනක්ෂි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයින් මිලියනය ද පසු කරනු ලැබු අතර ඒ සැමරුම ගැනත් බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුණා.

හා හා පුරා කියලා ඔවුන්ගේ පවුලට එකතුවෙන මේ දියණියගේ ඡායාරූප හැකි ඉක්මනින් ඔබ වෙත ගෙන එනතුරු ඔවුන්ගේ ඡායාරූප පෙළක් ඔබ වෙත ගෙන එන්නේ මේ අයුරින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery