අම්මා කියන්නේ කවුද කියලා තේරුම් යන්න මටත් දුව හම්බවෙන්නම වුණා” – මව් පදවිය ගැන දිනක්ෂි කියූ කතාව (PHOTOS))

By Sithumi Dec 20, 2021 03:34 PM GMT
Sithumi

Sithumi

Report

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මෙරට ප්‍රසිද්ධ නිළියක් මෙන්ම නර්තන ශිල්පීනියක් කිව්වොත් හරි. පවුලෙන් ලැබුණ ආභාෂය නිසාම ඇය කලාවට සම්බන්ධ වුණා. ඇය විවාහ වූයේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමගින්. 

මේ වන විට ඔවුන් දෙදෙනා ආදරණීය දෙමාපිය යුවළක් බවට පත් වී හමාරයි. කාලයෙන් කාලයට පුවත් මවන මේ යුවල සමාජ මාධ්‍ය තුළ ඉතාමත් ජනප්‍රියයි කිව්වොත් හරි. හැමදාම මොවුන්ගේ තොරතුරු ගෙන එන අතරේ අද මේ කතා බහ දිනක්ෂි සමඟයි. විවාහයෙන් පස්සේ සාරංග ඔබට නීති දැම්මෙ නැද්ද රංගනයට? 

 ”කවදාවත් එයා මට නීති දාලා නැහැ. අපි බොහොම සරලව ජීවිතේ තේරුම් අරගෙන සරලව ගත කරනවා. අපි හොඳ අවබෝධයකින් තමයි අපේ ගමන යන්නේ. මගේ ගොඩක් වැඩ වලට උදව් කරන්නේ සාරංග….. 

මම රඟපාන කාලේ මගේ චරිත වලට සාධාරණය කරන්න තමයි එයා මට කියලා දුන්නේ. මම බැහැ කියන චරිත පවා එයා මට කරන්න කියලා දුන්නා. මම ගොඩක් තැන්වලදී සාරංග කියන දේ අහනවා.”

අග්නි පියාපත්’ වල සාරංග ශලනි දෙන්නා ප්‍රේමණිය චරිත ඉදිරිපත් කළා. ගොඩක් අය කිවුවා මේ රංගනය නිසා දිනක්ෂිගේ හිත පොඩ්ඩක් රිදිලා කියලා. ඇත්තටම ඒ අවස්ථාවලදී ඔබට දුක හිතුනෙ නැද්ද? ”කවුද කියන්නෙ? මට නම් එහෙම දුකක් දැනිලා නැහැ…. මොකද සාරංග, මම, ශලනි කියන්නේ කාලයක් තිස්සේ හොදම යාලුවෝ. අපි පියාපත් ටෙලි නාට්‍ය රූගත වෙන සමහර දවස්වල ශලනිම මට කතා කරලා කියනවා අද නම් අග්නි පියාපත් ටෙලි නාට්‍ය බලන්න එපා මොකද මමයි සාරංගයි ක්ලෝස් අප කොටසක් රඟපානවා කියලා…. 

ශලිනි කරේම ඒ දවස්වල මාව අවුස්සන එක එහෙම කියලා. මමයි ශලිනි අතරේ තියෙන්නෙ හොඳ සුහදශීලී යාළුකමක්.”

පවුලේ කීකරුම දුව ඔබ කියන්නෙ ඇත්තද? “අම්මා නිතරම කියන්නේ මම එයාගේ හොඳ දුව කියලා. අදටත් ඒකෙ වෙනසක් නැහැ….. අම්මගේ සෙනෙහස හරි පුදුමාකාරයි. අම්මා කියන්නේ කවුද කියලා මටත් තේරුම් යන්න මටත් දුව හම්බවෙන්නම වුනා. මට අදටත් අම්මා ඒ කාලේ වගේම ආදරෙයි…. වෙනදා වගේම අම්මා නංගිලාට අලුත් ඇඳුම් මහනකොට මටත් එක්කම මහනවා. මම එයාලාගෙන් දුරස්වෙලා කියලා කොතනකවත් හිතෙන්නේ නැහැ.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery