ලක්ෂ 57ක හිඟ විදුලි බිලක් - දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි..
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළුව ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා 200කට ආසන්න සංඛ්‍යාවක් වැඩ වෙසෙයි.
එවන් පසුබිමක් තුළ දෙවන වරටත් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටියි.
ඒ හිඟ රුපියල් පනස් හත් ලක්ෂයක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන තිබෙනවා.
විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් වන අලි තර්ජනවලට දැඩිව මැදිව සිටින තමන්ගේ ජීවිත දැඩි අවදානමට ලක්ව ඇති බව එහි වැඩ වසන දිඹුලාගල ආරණ්‍යයේ හිමිවරුන් සඳහන් කළේ ය.
මේ හේතුවෙන් දානය සැපයීම සඳහා දුර බැහැරින් පැමිණෙන ජනතාව ද පීඩාවට පත්ව ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් එහි භික්ෂූන් වහන්සේලා කියා සිටියේ, 1982 වසරේ දී ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් නොමිලේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට විදුලිය ලබා දී ඇති බවයි.
ඒ එම විහාර්ස්ථානයෙන් සිදු කෙරෙන සුවිශේෂී ආගමික සේවාව සලකා බලමින් ය.
නමුත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ආරණ්‍ය සේනාසනයේ විදුලිය සඳහා බිලක් නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත් බව එම භික්ෂූන් වහන්සේලා පැවසීය.
