උපාධිධාරීන් 58,000 කට කරන්න යන දේ.

Sri Lanka Digress
By Aruna Oct 12, 2021 07:06 AM GMT
Aruna

Aruna

Report

වර්තමාන රජය විසින් අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස බඳවා ගනු ලැබූ 58,000ක් වන පිරිස, ස්ථිර කිරීම සඳහා පත්කර ඇති විශේෂ කැබිනට් අනුකාරක සභාව, එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.10.11 දින පෙරවරුවේ රැස්වුණා.

ඒ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදීයී. එම කැබිනට් අනුකාරක සභාවේ දෙවන රැස්වීම මෙයයි.

මෙහි සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්.

2021.10.11 පැවති රැස්වීමට එම අමාත්‍යවරු මෙන්ම අදාළ අමාත්‍යංශය නිලධාරීන්ද ඒ සඳහා සහභාගි වුණා.

එහිදී අභ්‍යාසලාභී උපාධිධාරීන් අනුයුක්ත කර සිටින එක් එක් අමාත්‍යංශවල, එම පිරිස ස්ථිර කිරීම සඳහා වන ප්‍රගතිය තවදුරටත් විමසා බැලූ බව, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now