සුද්දෝ බ්‍රිතාන්‍යයට රැගෙන ගිය සිංහල පුස්කොළ පොත් ඩිජිටල්කරණය කරයි.4ක් අන්තර්ජාලයට මුදා හැරේ.
යටත් විජිත සමයේ මෙරටින් බ්‍රිතාන්‍යයට රැගෙන ගිය සිංහල පුස්කොළ පොත් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ, වෙනුවෙන් පරමත්ත සංවිධානය හා බ්‍රිතාන්‍යය පුස්තකාලය ගිවිසුම්ගත බි ඇත.
එම සංවිධානයේ සභාපති ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන් පවසන්නේ, වසර 5ක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත බවයි.
මේ වන විට සිංහල පුස්කොළපොත් 3000කට ආසන්න සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යය තුළ පවතිනවා.
කස්සප හිමියන් නම් පවසන්නේ, වැඩිම එකතුවක් පවතින්නේ බ්‍රිතාන්‍යය පුස්තකාලය තුළ බවයි.
දැනට සිංහල පුස්කොළපොත් 4ක් ඩිජිටල්කරණය කර අන්තර්ජාලයට මුදා හැර ඇති අතර, ඒවා බ්‍රිතාන්‍යය පුස්තකාලයේ වෙබ් අඩවියෙන් හෝ www.paramaththa.org යන වෙබ් අඩවියට පිවිසීමෙන් පරිශීලනය කළ හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |