පුද්ගලයෙකුට පහරදුන් සිද්ධියට අදාළව , DIG ට වහාම ස්ථාන මාරුවක් (VIDEO)

police sri lanka police rathnapura Dig
By Sithumi Oct 26, 2021 04:48 PM GMT
Sithumi

Sithumi

Report

රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට බැන වැදී පහරදීමේ සිද්ධියකට අදාළව සබරගමුව නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා පොලිස් සෞඛ්‍ය සේවා සුභසාධන සහ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ   , අදාළ සිද්ධිය පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට බරපතළ හානියක් ඇතිකරන බවයි. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ අපකීර්තිමත් හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු පවසා සිටියා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ මෑතකදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ තුවක්කුවට කොඩියක් ගසාගත් පොලිස් නිලධාරියකු බවත් වාර්තා වනවා.

  එම පුද්ගලයාට බැන වැදී පහර දෙන වීඩියෝව පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now