විදුලි කප්පාදුව සහ ඩීසල් පිළිබඳව මුලු රටටම සුබ ආරංචියක්..
වර්ෂාපතනයේ වැඩිවීමත් සමඟ ජල විදුලි නිෂ්පාදනය වැඩිවීම නිසා කැලණිතිස්ස ඩීසල් බලාගාර 2ක නතර කිරීමට පියවර ගත් බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෲ නවමානි මහතා පවසනවා.
කැලණිතිස්ස ඩිසල් බලාගාර දෙකක් ක‍්‍රියාත්මක කර මෙගවොට් 160ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ ද පවතින වර්ෂාපතනයත් සමඟ ජල විදුලි නිෂ්පාදනය 10% පමණ ඉහළ ගිය නිසා මෙම ඩීසල් බලාගාර දෙක නතර කළ බව ද ඔහු කියා සිටියා.
පසුගිය දිනවල ජලවිදුලිය නිපදවීම විදුලි අවශ්‍යතාවෙන් 20% දක්වා අඩු වී තිබූ බවත් එය ඊයේ (10 ) වනවිට 30% දක්වා වැඩි වී ඇති බවත් ඒ මහතා පවසයි.
අලුත් අවුරුදු සමය තුළ ආයතන රැසක් නිවාඩු ලබාදීම ඇතුළු හේතු කීපයක් නිසා විදුලි ඉල්ලුම් සාමාන්‍ය දිනවලට වඩා අඩු වී ඇති බැවින් ඉදිරි දින කිහිපය අඛණ්ඩව විදුලිය ලබාදෙන බැවින් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |