ඩීසල් සහ පෙට්‍රල් දින 12 ත් 20 ත් අතර කාලයකට ප්‍රමාණවත්..ලංකා ඛනිජ තෙල් තොග ගබඩාවෙන් නිවේදනයක්.

SAPUGASKANDHA DIESEL PETREL MOHAMD UVAIS
By Sewvandhi Nov 15, 2021 03:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12 ත් 20 ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරින බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කරනවා.

බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිළිබඳව උද්ගත වී ඇති තත්වයට හේතුව බවයි වැඩිදුරටත් උවයිස් මහතා පවසන්නේ.

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළ යෑමෙන් නිර්මාණය වී ඇති අවිනිශ්චිතතාවය සහ ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුද මෙම තත්ත්වයට බලපා ඇතැයි ද සඳහන් කරනවා භුමිතෙල් හිඟයක් ඇතිවුවහොත් ආනයන කර ජනතාවට බෙදාහරින බවත් උවයිස් මහතා වැඩි දුරටත් පවසනවා.

-----------------------------------------------------------------

අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා - අලුත් ගමනකට අනුර සැරසෙයි-:

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW