ඩයනගේ විමර්ශන ගැන එළියට ආ අමුතුම කතාව..

SJB Sri Lanka Diana Gamage
By Sithumi Nov 17, 2022 04:09 PM GMT
Sithumi

Sithumi

Report

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (17) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දෝෂ දර්ශනයට ලක්කළ  ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ, බලවත් අයට විරුද්ධ පරීක්ෂණ අතහැර දැමීමේ කාරණය තමන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද පෙනී ගොස් ඇති කරුණක් බවය ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකරන ලෙසත් ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් ගොනුකළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා තම සේවාදායිකාවට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now