හිටපු ජනපති සොහොයුරුගේ කෝටියක මුද්දක් සොරාගෙන හම්බන්තොටට පනී..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Hambantota Maithripala Sirisena
By Aruna May 30, 2023 07:12 AM GMT
Aruna

Aruna

Report

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරාගේ (චමින්ද සිරිසේන) රුපියල් කෝටියක් පමණ වටිනා දියමන්තියක් ඇල්ලූ රන් මුද්දක් සහ ඩොලර් පන්දාහක් රැගෙන ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු පලා ගිය පුවතක් පොලොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලොන්නරුව පොලිසියට ඊයේ (29 දා) දිනයේ වාර්තා වූ බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධිය සැලවීමත් සමග පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. එම්. එච්. ඩී. සිල්වා මහතාගේ උපදෙස් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම සැකකරු පලාගොස් ඇතැයි කියන හම්බන්තොට ප්‍රදේශයට ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

දුරකථන තාක්ෂණය ඔස්සේ සැකකරු ආගිය තැන් අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙන බවත්, පවසන පොලිසිය සැකකරුට තවත් අයකුගේ සහාය ලැබී ඇති බව ද විශ්වාස කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now