දැයට අහිමි වූ දීඝදන්තු - 1 ගැන ඔබ දැනුවත්ද..?

By Sewvandhi Nov 28, 2024 04:02 PM GMT
Report

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් තේජාන්විත හස්තියෙකු වූ 'දීඝදන්තු 1' අද (28) අලුයම දැයට අහිමි විය.

කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිවහන කරගෙන සිටි මෙම හස්තියා කැකිරාව, ආඬියාගල හිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගොස් තිබුණි.

උසින් අඩි 08ක් පමණ වූද, අඩි 05ක පමණ දිගකින් යුත් තේජාන්විත දළ යුගලයකට උරුමකම් කී මෙම හස්තියාගේ වාසභූමිය වූයේ කලාවැව ජාතික උද්‍යානය අවට භූමියයි.

කලාවැව රක්ෂිතයේ විසූ ඇත් පන්තියේ ශරීර ප්‍රමාණයෙන් මෙන්ම පෙනුමෙන්ද එක හා සමාන ඇතුන් දෙදෙනෙකු වාසය කළ බැවින් ඔවුන් 'දීඝදන්තු 1' සහ 'දීඝදන්තු 2' ලෙසින් හැඳන්වුණි.

ඉන් 'දීඝදන්තු 2' හස්තියා මීට වසර 05කට පමණ පෙර දැයට අහිමි විය. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ 'දීඝදන්තු 1' හස්තියා මියයන විට වයස අවුරුදු 45ත්, 50ත් අතර වයසේ පසුවූ බවය.

අලි මිනිස් ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ වනඅලි 433ක් මියගොස් ඇති අතර, පසුගිය වසරේ මුල් මාස 5 තුළදී පමණක් මියගිය වනඅලි ගණන 193කි.(උපුටාගැනීමක්)