තාවකාලිකව පැවිදිවූ ධනංජය සිරිවර්ධන දැන් කියන කතාව මෙන්න.(PHOTOS/VIDEO)

Actors Buddhism Actress Social Media
By Aruna Aug 11, 2024 07:38 AM GMT
Aruna

Aruna

Report

නිවේදකයෙකු මෙන් ම රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදිවිය ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ඒ, මේ පිළිබඳව වීඩියෝවක් ඔහුගේ Youtube නාලිකාවට එක් කිරීමත් සමඟය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ධනංජය සිරිවර්ධන යළිත් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

ඒ, සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින්.

ඉන් ඔහු අවධාරණය කළේ, තමන් තාවකාලික පැවිදිවිය වැඩසටහනට තමන් එක්වූයේ පසුගිය ජූලි මාසයේ දී බවය.

එහි දී ඉතා වටිනා අත්දැකීමක් ලබා නැවත පැමිණි බවත් එහි වැඩිදුරටත් සඳහන්වේ.

ධනංජය සිරිවර්ධන ප්‍රකාශ කළේ, සමාජයට පණිවුඩයක් ලබා දීමේ අරමුණින්, අදාළ වීඩියෝව නිර්මාණය කළ බවයි.

මේ වනවිට සුපුරුද පරිදි රංගන කටයුතුවල හා නිවේදන කටයුතුවල නිරත වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

උපුටාගැනීම:

“තාවකාලික පැවිදිවිය වැඩසටහනට මා එක්වූයේ ජූලි මාසයේදීය.

ඉතා වටිනා අත්දැකීමක් ලබා නැවත පැමිණ එම පණිවිඩය සමාජයට ලබා දීමේ අරමුණින් එම video ව මාගේ youtube එකෙන් මුදා හැරියෙමි.

ඒ සංවාදයෙන් ඔබ යමක් ජීවිතයට එකතු කර ගත්තානම් එයයි මාගේ සතුට.

එම කාර්‍යය බොහෝ දෙනෙකු අගයකර තිබුනි. ඔවුන්ට මාගේ ස්තූතිය..

මම නැවතත් සුපුරුදු පරිදි මාගේ රංගන කටයුතු වල හා නිවේදන කටයුතු වල නිරත වෙමි.

අප ජීවිතයේ අවසානයේ ඉතිරි වන්නේ අප ලබා ගත් අත්දැකීම් හා මතකයන් පමණි.

ලද අත්දැකීම් ගැන පසුව කතා කරමු. මතකය මාතුල තබා ගමි.

ස්තූතියි !”

මීට අදාල ෆේස්බුක් සටහන ඡායාරූප සහ වීඩියෝව පහතින්?

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha