රටක් හඬා වැළපෙමින්, 04ක් මියගිය වතුර යටින් එළියට ගත් කිරිකැටියා - විදුලි සැරෙන් මව්පියන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස මිය යයි.. රටක් ශෝක වූ හද සංවේදී කරවන පුවත.

Bangladesh Accident Death Weather
By krishani Sep 24, 2023 11:27 AM GMT
krishani

krishani

Report

බංග්ලාදේශයේ ඩකා අගනුවරට මේ වන විට අධික වර්ෂාවක් සහිත කාලගුණයක් වාර්තා වේ.

එම අගනුවර මිර්පූර් හි අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සමග විදුලි රැහැන් කඩා වැටී එකම පවුලේ කිහිපදෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී විදුලි රැහැන් සමග මාස 8 ක දරුවෙකු ද ගංවතුරට වැටී බේරාගත් සිදුවීමක් වාර්තා වෙනවා.

එහිදී හතර දෙනෙකුට විදුලි සැර වැදී මිය ගිය ස්ථානයෙන් මෙම දරුවා බේරාගෙන ඇති බව සඳහන් වන්නේ.

එහිදී දරුවාගේ මවුපියන් දෙන්නාම අවාසනාවන්ත ලෙස විදුලි සැර වැදී මිය ගොස් ඇති අතර එකතු වූ ජලයේ සිටි දරුවා පසුව ඩකා වෛද්‍ය විද්‍යාල රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

එම ස්ථානයේ දී විදුලි සැර වැදී ඇතැම් පුද්ගලයන් මිය ගිය නමුත් එම දරුවා ගොඩ ගැසුණු වැසි ජලයේ වැතිර සිටි බව වාර්තා වේ.

කෙසේ වෙතත්, බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ මෙම දරුවාට භාරකරුවෙකු සොයාගැනීම උසාවිය තීන්දු කරනු ඇති බවයි.


ReeCha