යුද්ධේ නිසා ඉන්දියාවේ තවත් ප්‍රශ්නෙකින් ගිනියම් වේ - දැඩි අර්බුදයක් සමඟින් කොන්ඩම් මිලත් ගිනි ගණන් වෙන ලකුණු

Report

අමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය නිසා ඉන්දියාවේ ගෑස් සැපයුමට සහ ආර්ථිකයට මේ වනවිටත් බලපෑම් එල්ල වී ඇති අතර, දැන් එරට කොන්ඩම් කර්මාන්තය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සැපයුම අඩාල වීම නිසා ඉදිරියේදී කොන්ඩම් මිල ඉහළ යනු ඇති බව අපේක්ෂා කෙරෙන බවයි.

එසේම ප්‍රධාන පෙළේ නිෂ්පාදකයින් සඳහන් කරන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත වෙළෙඳ මාර්ග අවහිර වීම හේතුවෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම ප්‍රමාද වී ඇති බවයි.

නිවෙස්වල කළු පාට සතුන්, සුනඛයින් සහ බළලුන් ඉන්නවා නම් විශේෂයි - මාරාන්තික අනතුරු ඇඟවීමක්

නිවෙස්වල කළු පාට සතුන්, සුනඛයින් සහ බළලුන් ඉන්නවා නම් විශේෂයි - මාරාන්තික අනතුරු ඇඟවීමක්

මෙහිදී විශේෂයෙන් ලිහිසි ද්‍රව්‍ය වශයෙන් භාවිත කරන සිලිකන් ඔයිල් (Silicone oil) සපයා ගැනීම දුෂ්කර වී තිබෙන අතර, කොන්ඩම් ඉරී යාම වැළැක්වීමට යොදාගන්නා ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous ammonia) මිල 40% සිට 50% දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් ඉන්දියාව වසරකට කොන්ඩම් කෝටි 400කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 860ක් (රුපියල් කෝටි 8,000කට වැඩි) පමණ වන බව සඳහන්.

එසේ වුවත් අමුද්‍රව්‍ය හිඟය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා ඉදිරි සති කිහිපය තුළ මිල ගණන් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මේ අතර ලැටෙක්ස් නිෂ්පාදනයට අවශ්‍ය ඇමෝනියා ප්‍රමාණයෙන් 86%ක්ම ගෙන්වනු ලබන්නේ සෞදි අරාබිය, කටාර් සහ ඕමානය යන රටවලින් වේ. කෙසේ වෙතත් හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින ගැටලුකාරී තත්ත්වය මෙම සැපයුම්වලට සෘජුවම බලපා ඇත.

ලෝක වෙළඳපොළ දැඩි කැළඹීමක - ගෝලීය කොටස් බිමටම වැටෙද්දි බොරතෙල් මිලයි ඇමරිකානු ඩොලරයයි අහස උසට

ලෝක වෙළඳපොළ දැඩි කැළඹීමක - ගෝලීය කොටස් බිමටම වැටෙද්දි බොරතෙල් මිලයි ඇමරිකානු ඩොලරයයි අහස උසට

ඊට අමතරව අමුද්‍රව්‍ය හිඟයට අමතරව ඇසුරුම්කරණය සඳහා යොදාගන්නා ඇලුමිනියම් පත්‍ර (Aluminium foil) සහ PVC මිල ඉහළ යාම ද නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීමට හේතු වී ඇති බව වාර්තා වේ.

මේ අතර ඉන්දීය වෛද්‍ය සංගමයේ (IMA) හිටපු සභාපති රජීව් ජයදේවන් පවසා ඇත්තේ, මැදපෙරදිග ගැටුමේ දාම ප්‍රතිඵලයක් වශයෙන් උපත් පාලන ක්‍රම නිෂ්පාදනයට බාධා එල්ල වී ඇති අතර, මිල ඉහළ යාම සහ හිඟයක් ඇති වීම නොවැලැක්විය හැකි බවයි.

සේම මෙය වඩාත් දැඩි ලෙස බලපාන්නේ අඩු ආදායම්ලාභී ජනතාවට වන අතර, මිල සුළු ලෙස හෝ ඉහළ යාම හේතුවෙන් ඔවුන් කොන්ඩම් භාවිතයෙන් බැහැර වීමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙ‍යි.

එහි අතුරු ප්‍රතිඵල ලෙස අනපේක්ෂිත ගැබ් ගැනීම්, මාතෘ සහ ළදරු මරණ අනුපාතිකය ඉහළ යාම මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STI) නැවත ව්‍යාප්ත වීම සිදු විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. 

මාසේ පටන් ගද්දිම අහස උසට නැග්ග රත්තරන් - ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් වෙයි

මාසේ පටන් ගද්දිම අහස උසට නැග්ග රත්තරන් - ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් වෙයි

හිටිහැටියේම තෙල් මිල ඉහළට - රු. 1700 පමණ ගණන් නැග්ග තෙල් මිල

හිටිහැටියේම තෙල් මිල ඉහළට - රු. 1700 පමණ ගණන් නැග්ග තෙල් මිල