දෙව්නිමෝරි සර්වඥධාතූන් වදින්න පිං සිතින් සැදැහැවතුන් දෙවන දිනටත්

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ඉන්දියාවේ දෙව්නි මෝරි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් සොයාගත් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව සදහා අද දෙවන දිනටත් පවත්වනු ලබයි .

ඒ, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි.

පෙබරවාරි 11 වනදා උදෑසන 07 දක්වා මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව පවත්වනු ලබයි.

බුදු සරණ ගමන් මඟට ආශීර්වාදය - ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අද සිට

බුදු සරණ ගමන් මඟට ආශීර්වාදය - ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අද සිට

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සදහන් කළේ මෙවන් අදහසක්

'' ගංගාරාම විහාරස්ථ පරිශ්‍රයට පැමිණෙන පිරිසට මේ ධාතූන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුතුව වන්දනා කර ගන්න මේ පරිශ්‍රය තුළ ඉඩ හසර සළසගන්න ආරක්ෂක අංශත් ස්වේච්ජාවෙන් මෙ සදහා ඉදිරිපත් වෙලා සිටින සැම දෙනාගේම සහයෝගය ලැබිලා තියනවා . මෙම ධාතූන් වහන්සේ වැදපුදා ගන්න එන සැදැහැවතුන්ට පහසුකම් සලසන්න ඔබට ඉදිරිපත් වෙන්න පුළුවන් . ඔබට පුළුවන් කෙටි ආහාර,වතුර ,මල් වගේ දේවල් ලබා දෙන්න . විහාරස්ථානය මගින් දැනුවත් කරන පිරිසකට ඒක ලබාදෙන්න පුළුවන් '' 

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය කුමක් වෙයිද?

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය කුමක් වෙයිද?