මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ රටම බය වුණු ගැඹුරු පීඩන අවපාතය ගැන විශේෂ නිවේදනය - ඉදිරි පැය 36[UPDATE]

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, හෙට (10) සවස් කාලයේ දී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

ඒ අනුව අද (09) දින සවස 4 ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව දැනුම් දෙයි.

එමෙන්ම ගැඹුරු පීඩන අවපාතය අද සවස 1 පමණ වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබෙන බව ද සඳහන්.

ඉතා වැදගත් - පවතින තත්ත්වය මත තවත් දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන

ඉතා වැදගත් - පවතින තත්ත්වය මත තවත් දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන

එසේම දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර, උතුරු පළාතෙත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

වයඹ, මධ්‍යම, සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර,සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.

එමෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව අවධාරණය කර ඇත.

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම දැනුම්දීම මෙන්න

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම දැනුම්දීම මෙන්න

මේ අතර වයඹ, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා වන තරමක තද සුළං ඇති විය හැකි බව දන්වයි.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින් - ලංකාවටම අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින් - ලංකාවටම අනතුරු ඇඟවීම්

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න