නීතිපති - අල්ලස් කොමිසම නඩු 102ක් අයින් කරගෙන - හරිනි අමරසූරිය
නීතිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2019 සිට 2024 වසර දක්වා ඉල්ලා අස්කර ගත් නඩු 102ක් අතරින් නඩු 34ක් නැවත පවරා නොගැනීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
ඇය සඳහන් කළේ, එම නඩු අතරින් 65ක් නැවත පවරා ඇති බවත්, මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින සහ හිටපු බලවත් පුද්ගලයන්ට එරෙහිව නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.