ඉතා වැදගත් - පවතින තත්ත්වය මත තවත් දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන
පවතින තත්ත්වය මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත.
එසේම නායයෑමේ නිවේදන අදියර 2 යටතේ මාතලේ විල්ගමුව හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවිමේ නිකුත් කර තිබෙනවා.
අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි
එමෙන්ම වර්ෂාවත් සමඟ නායයාමේ ලක්ෂණ මතුවිය හැකි බවත් එවැනි ලක්ෂණ දුටු වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් වීමට කටයුතු කළ යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අවධාරණය කරයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
''යම්කිසි ඉවත්වීමකදී ජනතාව අපි දැනුවත් කරනවා. මේ ආපදා මල්ල කියලා, තමන්ට ගෙන යා හැකි අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ප්‍රමාණයක් තමන්ගේ අයිඩින්ටි කාඩ් එක හෝ වේවා, උප්පැන්න සහතික වේවා, දරුවන්ගේ අධ්‍යාපන සහතික ටිකේ හෝ වේවා, ගෙන යා හැකි ඒ ප්‍රමාණය සකසා තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.''