රටේ විනිසුරුවරුන්ට ලොකු ප්‍රශ්නයක් - අසාධාරණයට එරෙහිව නැගී සිටින දයාසිරි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මහාධිකරණයට විනිසුරුන් පත් කිරීමේ ක්‍රියාවලියේදී ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් රැසක් ඉවත් කර ඇති බව සඳහන් කළා.
එසේම මේ ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට කථාතානායකවරයා ගත් තීරණය හේතුවෙන් අධිකරණ විනිසුරුවරුන්ට අසාධාරණයක් සිදු වී ඇති බවත් ඔහු කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද(09) දින පාර්ලිමේන්තුවේදීයි. එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මෙම අසාධාරණය නීතිඥ සංගමය ද ලිපියක් මඟින් ඉදිරිපත් කර ඇති බවයි.
මාධ්‍යට නලින්දගෙන් යළි රතු එළියක් - රූපවාහිනී බලපත්‍ර අහෝසි කිව්වේ සෞඛ්‍ය ඇමති විදිහට.. නලින්ද සැර වෙයි
ඒ අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් සිදුකරන උසස් වීම්, මාරු කිරීම් සහ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති බව දයාසිරි මහතා කියා සිටියා.
එමෙන්ම මේ පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මඟින් සොයා බැලීමට ක්‍රියා කළ යුතු බවත් එසේ නොකළහොත් අසාධාරණයට පත් අධිකරණ විනිසුරුවරුන්ට යාමට තැනක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.
තවද පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සම්බන්ධයෙන් මේ රටේ ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේ හිටපු කථාතානායක අනුර බණ්ඩාරනායක මහතා බවත් අනුර බණ්ඩාරනායක මහතා එච්.එස්. ද සිල්වා මහතා සමඟ සාකච්ඡා කර නීති උපදෙස් ලබාගෙන එම ඓතිහාසික තීන්දුව ලබා දුන් බවත් එම තීන්දුවද අද දින කථානායකතුමා ලබා දුන් තීන්දුවෙන් හෑල්ලු කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.