කාලගුණය දරුණු වීම හේතුවෙන් එංගලන්තයේ විදුලියත් බිඳ වැටෙයි - ගුවන් ධාවන පථත් වසා දමයි
By Kaushi
එංගලන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය නිසා එරට නිවාස 57,000කට පමණ විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමට නිලධාරීන් කටයුතු කරමින් සිටියද කුණාටු තත්ත්වය හේතුවෙන් එම කටයුතු මන්දගාමී වී ඇති බවයි.
තවද මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගමනාගමන කටයුතු ද සීමා කිරීමට කටයුතු කර ඇති බව පවසයි.
ඊට අමතරව ගුවන් ගමන් ද 50කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
එමෙන්ම අධික හිම පතනය හේතුවෙන් ගුවන් ධාවන පථද වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.