දේශබන්දු චෝදනා ප්‍රතික්ෂේප කරයි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරක් ලබා ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරකට තමන් බඳවා ගත් බවට ලිපියක් තමා වෙත ලැබුණු බවයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ එවැනි ආකාරයේ තනතුරක් භාර ගැනීම සඳහා ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව අනුමැතියක් නොතිබුණු බැවින් එම තනතුර භාර නොගත් බවයි.
සමාජ මාධ්‍යවල ඒ සම්බන්ධයෙන් සංසරණය වන ප්රවෘත්ති සියල්ල අසත්‍ය අතර තමන් කිසි දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනයෙන් මූල්‍ය හෝ කිසිඳු වරප්‍රසාදයක් ලබා නොගත් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

