මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි - ලෝකය මහා පරිමාණ යුද්ධයකට මුල පුරලා - එක්සත් ජාතීන් අනතුරු අගවයි
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය දැනටමත් “පාලනයෙන් තොර වී ඇති” බවත්, ලෝකය මේ වන විට “මහා පරිමාණ යුද්ධයක මුලට පැමිණ සිටින” බවත්ය.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන මෙම යුද්ධය අවසන් කිරීමට මෙය “සුදුසුම කාලය” බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත. තවද ඔහු ඉරානයෙන් ඉල්ලා ඇත්තේ මෙම ගැටුමට සම්බන්ධ නොවන අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙසයි.
“දැන් කළ යුත්තේ යුද ගැටුම් උත්සන්න කිරීම නොව, රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කරා යොමු වීමයි. ජාත්‍යන්තර නීතියට පූර්ණ ගරුත්වයක් ලබා දෙමින් සාමය උදා කිරීමට සියලු පාර්ශව කටයුතු කළ යුතුයි,” යනුවෙන් මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇති බව සඳහන් වේ.