ලේසි වෙන්නෑ...දේශබන්දුගේ මූලික විරෝධතාත් කමිටුවෙන් නිෂ්ප්‍රභා කරලා

Report

සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සහ පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම කමිටුව අද (19) දින පාර්ලිමේන්තුවේදී රැස් ව තිබුණු අතර පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පළමුවරට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිට ඇත.

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

පරීක්ෂණ කමිටුව ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් රැස් වුණා.

ඒ අනුව චෝදනා 23කින් සමන්විත චෝදනා පත්‍රය මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට ලබා දී ඇත.

ඉන්පසු වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම මහතා විසින් මුලික විරෝධතා ත්‍රිත්වයක් සහ ඉල්ලීම් ද්විත්වයක් ඉදිරිපත් කළ බව සඳහන්.

ඔහුගේ කරුණු දැක්වීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාවය සටහන් කර ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

ලුණු තියෙනවා.වැස්සට දියවුණා.. මදි ටික රටින් ගේනවා - ඇමති වසන්ත

ලුණු තියෙනවා.වැස්සට දියවුණා.. මදි ටික රටින් ගේනවා - ඇමති වසන්ත

ඒ අනුව සියලු කරුණු සලකා බැලු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කර තිබෙනවා.

එසේම මෙහි දී විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට ද තීරණය වී ඇත.

ඒ අනුව ලබන 28 වන දින පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රැස්වීමට තීරණය කර ඇති බව ද වාර්තා විය. 

ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට

ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට