දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

Sri Lanka Police Deshabandu Tennakoon Ananda Wijepala Sinhala news
By Hashini May 02, 2025 03:35 AM GMT
Hashini

Hashini

Report

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වනවා.

ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනය කර ඇති බවට පසුගිය දිනවල වාර්තා පළවී තිබුණා.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත්තේ එවැනි පසුබිමක් තුළය.

රටේ නීතිය හා සාමය පාතාලය අතට අරන්....සජිත් කියයි.

රටේ නීතිය හා සාමය පාතාලය අතට අරන්....සජිත් කියයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහත මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටි කාලයේ ඔහුට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

කෙසේවෙතත් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සලකාබලන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළා. 

පාර්ලිමේන්තු කටයතු පිලිබඳ කාරක සභා රැස්වීමක් අද

පාර්ලිමේන්තු කටයතු පිලිබඳ කාරක සභා රැස්වීමක් අද

ReeCha