අර්බුධය මැද තවත් ලොක්කෙක් ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

Sri Lanka Political Iahaniwickramasinghe Department of zoology
By Aruna Sep 09, 2021 05:35 AM GMT
Aruna

Aruna

Report

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිණි වික්‍රමසිංහ ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

හීලෑ අලි ඇතුන්ගේ අර්බුදය මැද මෙම ඉල්ලා අස්වීම සිදුවීම විශේෂත්වයක් වනවා.

පසුගිය කාලයේ සිදු කළ විමර්ශනවලින් පසුව අධිකරණයේ නඩු පවරා ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින හීලෑ අලි, ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය නීතිපතිවරයාගේ උපදෙස් හා වනජීවි අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් මත පදනම්ව අධිකරණයට වාර්තා කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.

නීති විරෝධී ආකාරයෙන් රඳවා ගෙන සිටි බව කියන හීලෑ අලි ඇතුන් විශාල පිරිසක් පසුගිය රජය සමයේ සොයාගත් අතර වනජීවි දෙපාර්තමේන්තුව පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන ආයතන නඩු කිහිපයක් ද ඊට අදාළව අධිකරණය හමුවේ පවරා තිබුණා.

අධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම හීලෑ අලි ඇතුන් නඩු භාණ්ඩ ලෙස රඳවා තිබුණේ ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ ඇති පින්නවල හා උඩවලව අලි සංරක්ෂණ මධ්‍යස්ථානවලයි.

පසුගිය දා අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය අංක එක ස්ථානාධිපතිවරයා මෙම අලි ඇතුන් අතරින් 13 දෙනෙකු මුදා හරින්නැයි ඉල්ලා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now