බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවුරුද්දට ලබාදුන් වි‌‌ශේෂ අවස්ථාව මෙන්න...

Department of Prisons Gagana news Prison inmates Commissioner of Prisons Chandana Ekanayake
By Subodha Apr 12, 2022 06:10 AM GMT
Subodha

Subodha

Report

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීම සඳහා දින 5ක කාලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇත.

අද (12) සිට 16 වනදා දක්වා එම වි‍ශේෂ අවස්ථාව සලසා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පවසයි.

එහිදී, එක් සිරකරුවෙකු බැලීම සඳහා ඔහුගේ ඥාතීන් තිදෙනෙකුට අවස්ථාව ලබා දී තිබේ .

එමෙන්ම සිරකරුගේ ඥාතීන් විසින් නිවසේ දී සකස්කර රැගෙන එන බත් පාර්සලයක් හා රස කැවිලි එක් සිරකරුවෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවස්ථාව හිමි වේ .

සිරකරුගේ ඥාතියෙකුට හෝ ඔහු විසින් නම් කරනු ලබන එක් පුද්ගලයෙකුට අද සිට16 වනදා දක්වා කාලසීමව තුළ එක් වතාවකදී සිරකරු වෙනුවෙ න් මසකට තැන්පත් කරන රුපියල් 2,000 මුදලට අමතරව උත්සව සමය වෙනුවෙ න් රුපියල් 2,000 මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර එම තැන්පත් කරන මුදලින් කිරිපි‍ටි, සීනී, රස කැවිලි ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීම සිදුකළ හැකිය.

මීට අමතරව තම නිවසින් ආහාර වේලක් රැගෙන ඒමට අපහසු අමුත්තන් සඳහා අපනශාලාවේ තැන්පත් කරන ලද මුදලින් එක් අවස්ථාවකදී බත් පාර්සලයක් සිරකරුට ලබාදිය හැකි බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now