මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

covid19 traffic WhatsApp motor Viber
By Sewvandhi Jun 21, 2021 12:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

මේ වනවිට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ දැඩි අවදානම් සහගත ස්වභාවය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව විසින් සපයන සේවාවන් පිළිබඳ යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය අවස්ථාවක දී 0707677877 දුරකථන අංකය ඔස්සේ කාර්යාල රාජකාරි වේලාවන් වලදී තොරතුරු ලබාගත හැකි බවත් අනෙකුත් වේලාවන් වලදී WhatsApp, viber හෝ SMS පණිවිඩයක් එවීමෙන් තොරතුරු ලබාගත හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now