ලෝකයේ රටක් පාලනය කරමින් සිටි එකම රැජින සිදුකළ දේ..

By Sewvandhi Jan 14, 2024 02:54 PM GMT
Report

අද (14) සිට වසර 52ක කාලයක් ඩෙන්මාර්කය පාලනය කළ දෙවැනි මාගරීටා රැජින විශ්‍රාම ගොස් තිබේ. ඇය ධුරයෙන් විශ්‍රාම යාම සහ එරට නව රජු ලෙස ඇගේ වැඩිමහල් පුතු වන ෆෙඩ්‍රික් කුමරුගේ පදවිප්‍රාප්තිය ද යෙදී ඇත්තේ අද දිනයේදීමය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම අපූරු ඓතිහාසික සිදුවීම දැකගැනීමට එරට ජනතාව මේ වනවිට කෝපන්හේගන් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයට රැස්ව සිටින බවයි.

55 හැවිරිදි කිරුළ හිමි කුමරු සහ ඔහුගේ බිරිඳ වන ඔස්ට්‍රේලියාවේ උපන් මේරි කුමරිය නව රජු සහ රැජින ලෙස කිරුළු පැළඳීම වඩාත් විචිත්‍රවත් වනු ඇති බව වාර්තා වේ.

තමන් ධුරයෙන් ඉවත්වන බව රැජින නිවේදනය කළේ 2024 නව වසර වෙනුවෙන් ජාතිය අමතමින් කළ ප්‍රකාශය අතරතුරය. ඇය ඉතිහාසයට එක්වන්නේ වසර 900ක ඩෙන්මාර්ක රාජ්‍ය ධූරාවලිය තුළ රාජකීයත්වය අත්හළ පළමු අධිරාජ්‍යයා ලෙසය.

1972 වසරේදී තම පියා වූ 9 වැනි ෆ්‍රෙඩ්රික් රජුගේ අභාවයෙන් පසු රාජකීයත්වයට පත්වූ මාගරීටා රැජින 83 හැවිරිදි වියේ පසු වේ . දැනට ලෝකයේ රටක් පාලනය කරන එම රැජින ද ඇයයි.

Sponsored By Sarrita Jewellery

ලෝකයේ රටක් පාලනය කරමින් සිටි එකම රැජින සිදුකළ දේ.. | Denmark Queen Magareeta To Retirement