දෙණියායේ පාසල් කිහිපයක් වහයි- හේතුව මෙන්න
කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මේ දිනවල ළමුන් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් දෙනියාය කලාපයට අයත් පාසැල් හතරක් අද (07) සහ හෙට (08) නිවාඩු ලබාදීමට තීරණය කළ බව දෙනියාය කලාප අධ්‍යාපනඅධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය සදහන් කර තිබේ.
ඒ අනුව දෙණියාය මධ්‍ය විද්‍යාලය, දෙණියාය රාජපක්ෂ මහා විද්‍යාලය,දෙනියාය ශාන්ත මැතිව් ද්වි භාෂාව විද්‍යාලය,පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලය මෙසේ සිසුන් සදහා පමණක් නිවාඩු ලබා දී තිබේ.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළේ එසේ නිවාඩු ලබා දුන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශවලට සහ දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව බවයි .
පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් දෙමාපියන් විසින් දරුවන් පාසැල් නොයවීම හේතුවෙන් පාඩුව දරා ගත නොහැකි වීම හේතුවෙන් දෙණියාය එක්සත් පාසල් බස් රථ සංගමයේ බස් රථ 30 ද ඉහත දින දෙක තුළ ධාවනයෙන් ඉවත්ව ඇත .
මේ වන විටත් සිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් දෙනියාය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් තවත් සිසුන් කොටසක් ප්‍රතිකාර ලබා නික්ම ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉහත දින දෙක පාසැල් සිසුන් සදහා නිවාඩු ලබා දුන්නද මේ සතිය ආරම්භයේ සිටම පාසල් වලට ළමුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවැති බව විදුහල ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරයි ඉහත දින දෙක පාසැල් සිසුන් සඳහා නිවාඩු ලබා දුන්නද ඉහළ පන්ති සඳහා "සූම් " තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරන බවද විදුහල් ආරංචි මාර්ගය ප්‍රකාශ කරයි