පවතින කාලගුණික තත්ත්වය මත තවත් දරුණු රෝගයක් හිස ඔසවයි

Report

දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (2026 මැයි 12) අනාවරණය කළේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මෙම වසරේ ඊයේ (මැයි 11) දිනය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 27,754 ක් සහ මරණ 14 ක් වාර්තා වී ඇති බවයි.

කපිල කිව්වා ඇඳුම් එල්ලගන්න ඕනේ කියලා - කපිලට දෙපාරක් Call කළා Answer කළේ නැහැ - Master Key එකෙන් දොර ඇරලා බලද්දී දැක්කේ - කපිල චන්ද්‍රසේනගේ මරණයේ කට උත්තරය එළියට

කපිල කිව්වා ඇඳුම් එල්ලගන්න ඕනේ කියලා - කපිලට දෙපාරක් Call කළා Answer කළේ නැහැ - Master Key එකෙන් දොර ඇරලා බලද්දී දැක්කේ - කපිල චන්ද්‍රසේනගේ මරණයේ කට උත්තරය එළියට

විශේෂයෙන්ම මුළු රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල වැඩි රෝග ව්‍යාප්තියක් දක්නට ලැබේ.

මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ මදුරුවන් බෝවීම තවදුරටත් ඉහළ යා හැකි බැවින් පාසල්, ආගමික ස්ථාන සහ සේවා ස්ථාන අවට පිරිසිදුව තබා ගැනීමට ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.

ස්පා එකේ දී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට අතවර කළ සේවකයා අත්අඩංගුවට

ස්පා එකේ දී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට අතවර කළ සේවකයා අත්අඩංගුවට

ඩෙංගු රෝගයට අමතරව, බරවා සහ මැලේරියා රෝගී තත්ත්වයන් පිළිබඳව ද අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කරුණු ඉදිරිපත් කෙරිණි.