හරියට ගණන් දැනගෙන යන්න. - වැඩි මිලට ඩෙංගු සහ රුධිර පරීක්ෂණ සිදු කළ රෝහල් සහ රසායනාගාර වලට වැඩ වැරදුණු හැටි.
කොළඹ අවට පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන 8 කට එරෙහිව අලුත්කඩේ සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ මඟින් දඩ නියම කර තිබෙනවා.
ඒ, ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා උපරිම මිල ඉක්මවා රෝගීන්ගෙන් ගාස්තු අය කිරීම හේතුවෙන්.
එහිදී රුපියල් ලක්ෂ 55 ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු අධිකාරීයේ පාරිභෝගික කටයුතු හා තොරතුරු, අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර සඳහන් කළා.
ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව නියමිත මිල වන රුපියල් 1200 ඉක්මවා රු.3000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන තිබීම හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා රුපියල් 400 නියමිත මිල ඉක්මවා රුපියල් 1000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ 2186/17 දරණ ගැසට් නිවේදනය උල්ලංඝනය කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මඟින් මෙලෙස නඩු පවරා තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ සාන්ත නිරිඇල්ල කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යූ. රන්ජන විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක,එස්. පී. පුංචිහේවා, අරවින්ද ශාලික,ධනුක ගුණරත්න, යසිත ඉෂාන් මහත්වරු වැටලීම් සිදු කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
