මෙරටින් තවත් ඩෙල්ටා ආසාදිතයින් පිරිසක්.. මෙරට ඩෙල්ටා ආසාදිතයින් 300ය ඉක්මවා යෑමට ආසන්නයි
By Sewvandhi
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවතම අනුක්‍රමික දත්ත වලින් පෙන්නුම් කෙරෙන්නේ කොවිඩ් -19 ධනාත්මක රෝගීන්ගේ තහවුරු කරන ලද ඩෙල්ටා ප්‍රභේදය 292 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ කොළඹ ප්‍රදේශයේ ජනතාවගෙන් නව ආසාදිතයින් 100% ම පෙන්වන්නේ ඩෙල්ටා රෝගීන් බවයි .
ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ප‍්‍රබේදය ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ලෙස හැදින්විය හැකි බවත් එහි හැසිරීම තව දුරටත් අධ්‍යනය කළ යුතු බවද ඒ මහතා පැවසීය. කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරන ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |