දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් හමුවූ...සාම්පල 88කින් 84ක්ම ඩෙල්ටා.. ලංකාවෙන් නව ප‍්‍රභේදයක් බිහිවීම ආසන්නයේ..

covid19 vaccination delta variety chandima jeewandhara
By Sewvandhi Aug 21, 2021 04:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ලෙන් ලබාගත් ජීව සාම්පල වල ජාන විශ්ලේෂණය අනුව 88 දෙනෙකුගෙන් 84 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් යයි හදුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ ඔවුන් ද සමග මෙතෙක් මෙරටින් හඳුනාගත් ඩේටා ප්‍රභේදය ආසාදිතයන් ප්‍රමාණය 201ක් බවයි.

ඩෙල්ටා ආසාදිත වැඩි පිරිසක් කොළඹ ප්‍රදේශයෙන් හඳුනාගත් බව ද පැවසූ ඒ මහතා මහනුවර, මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මාලඹේ ගම්පහ ප්‍රදේශවලින්ද ඒවා හඳුනා ගත් බවද කියා සිටියේය. ශ්‍රී ලංකාවෙන් හමුවන ඩෙල්ටා ප‍්‍රබේධයේ තවත් විකෘතිතා තුනක් හඳුනා ගත් බවද පැවසූ ඔහු මෙතරම් වේගයෙන් වෛරසය පැතිරීමට ප්‍රධාන හේතුව එය විය හැකි බවද පවසයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදී මෙරට නව කොරෝනා ප්‍රභේදයක් වර්ධනය වීමට ඉඩකඩ ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු සඳහන් කළා.

ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ආසාදනය වී සාමාන්‍යයෙන් දින 5 සිට 8 කට පසු මිනිසුන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

එමෙන්ම වෛරස මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පහළ බසින බවයි ඔහු සඳහන් කරන්නේ. එනත්කරණය හරහා මෙම රෝගය පැතිරීම අවම කරගැනීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදුකළ හැකි බවත්, ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් නව තොරතුරු ගණනාවක් සොයාගත් බවත් Twitter පණිවිඩයක් හරහා දක්වා තිබෙනවා.

ඒ අනුව ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු රෝගය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරනු ලබන්නේ දින දෙකකට පසුව බවයි ආචාර්යවරයා පවසන්නේ. නමුත් මීට පෙර කොවිඩ් වෛරසය ආශ්‍රිත සොයාගැනීම්වල දී වාර්තා වී තිබුණේ වෛරසය වැළඳුණු කෙනෙක් දින භාගයකට අසන්න කාලයක් තුල දී එය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරන බවයි.

ඩෙල්ටා වෛරසයේ පැතිරයාමේ වේගය චීනයේ වූහාන් නගරයෙන් සොයාගත් පළමු වෛරසයට වඩා සිව් ගුණයක් බවත් ඇල්ෆා වෛරසයට වඩා දෙගුණයක් බවත් ආචාර්යවරයා සිය Twitter පණිවුඩයේ දක්වා තිබෙනවා. මේ අනුව රෝග පාලන සහ රෝග ව්‍යාප්තිය අවම කිරීමට එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් ව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery