ඩෙල්ටා ආසාදිතයින් 200ට ආසන්න වේ
මෙතෙක් සිදුකළ සාම්පල පරීක්ෂාවලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශය මගින් නිකුත් කළ වාර්තාවකට අනුවයි මෙලෙස ඩෙල්ටා ආසාදිතයන් ඉහළ ගොස් ඇති බවට සඳහන් වුණේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් බොහෝ පිරිස් සමාජය තුළ සිටිය හැකි බවටයි.
කොවිඩ් වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ආසාදනය වී සාමාන්‍යයෙන් දින 5 සිට 8 කට පසු මිනිසුන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
එමෙන්ම වෛරස මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පහළ බසින බවයි ඔහු සඳහන් කරන්නේ.
එනත්කරණය හරහා මෙම රෝගය පැතිරීම අවම කරගැනීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදුකළ හැකි බවත්, ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් නව තොරතුරු ගණනාවක් සොයාගත් බවත් Twitter පණිවිඩයක් හරහා දක්වා තිබෙනවා.
ඒ අනුව ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු රෝගය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරනු ලබන්නේ දින දෙකකට පසුව බවයි ආචාර්යවරයා පවසන්නේ. නමුත් මීට පෙර කොවිඩ් වෛරසය ආශ්‍රිත සොයාගැනීම්වල දී වාර්තා වී තිබුණේ වෛරසය වැළඳුණු කෙනෙක් දින භාගයකට අසන්න කාලයක් තුල දී එය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරන බවයි.
ඩෙල්ටා වෛරසයේ පැතිරයාමේ වේගය චීනයේ වූහාන් නගරයෙන් සොයාගත් පළමු වෛරසයට වඩා සිව් ගුණයක් බවත් ඇල්ෆා වෛරසයට වඩා දෙගුණයක් බවත් ආචාර්යවරයා සිය Twitter පණිවුඩයේ දක්වා තිබෙනවා.
මේ අනුව රෝග පාලන සහ රෝග ව්‍යාප්තිය අවම කිරීමට එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් ව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
