ඩෙල්ටා විකෘති ප්‍රභේද තුනම ආසාදිත රෝගියෙක් ලෝකයේ මුල්වරට මෙරටින් හමු වේ. එක් ජාන විකෘතියක් ශ්‍රී ලංකාවට ආවේණිකයි (VIDEO)

colombo sri lanka covid spread Delt verient
By Sithumi Aug 20, 2021 12:19 PM GMT
Sithumi

Sithumi

Report

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ "විකෘතිතා" තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකදී ඒ බව හෙළිවී ඇති බව සඳහන් වෙයි.

එම පර්යේෂණය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඔහු පැවසුවේ මෙවර විශ්ලේෂණ පර්යේෂණය සඳහා සාම්පල 88ක් භාවිත කළ බවය. ඉන් 84ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බවට හඳුනාගැණුනි. "ශ්‍රී ලංකාව තුළ එම විකෘතිතා 3ම සහිත රෝගීන් හඳුනාගෙන තිබේ. කොළඹ නගරය තුළ මේ විකෘතිතා 3ම ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා".

ඔහු පැවසුවේ මෙවැනි තත්ත්වයක් ලොව හමුවී ඇත්තේ පළමුවරට බවය. A 701S නම් ජාන විකෘතිය වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණි. "A 222V කියන විකෘතිය ලොව විවිධ රටවලින් හමුවෙනවා.

එහි පැතිරීම බෝවීමේ හැකියාව වේගවත්". ඔහු තවදුරටත් පැවසුවේ A 1078S නම් විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් සහ මැලේසියාවෙන් පමණක් බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now