ඉදිරියේදි ඩීසල් සැපයුම සම්බන්ධයෙන් ප්‍රභල ගැටලුවක්.. ඉන්ධන සමාගමක සභාපතිවරයෙක් කිව්ව කතාව..

Cypetco
By Sithumi Mar 31, 2022 09:33 AM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි දින කිහිපය තුළ මෙරට ඉල්ලුමට සරිලන ආකාරයේ ඩීසල් සැපයුමක් ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. එහි සභාපති සුමිත් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ එම තත්ත්වය මත ඉන්ධන පිරවුම් හල අසල පෝලිම් ගැසී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබෙන ඉන්ධන හේතුවෙන් අප්‍රේල් මාසය සඳහා අපහසුවකින් තොරව පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කළ හැකි බවත් හෙතෙම පැවසීය. ලෝක වෙළඳපොලේ ඉන්ධන පවතින ඉහළ මිලට දිගටම අලෙවි වුවොත් මෙම වසරේ ඉදිරි කාලය සඳහා ඉන්ධන ආනයනයට පමණක් ඩොලර් බිලියන 5ක මුදලක් වැය වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය. මේ අතර ඩොලර් හිගතාවය හේතුවෙන් මුදල් ගෙවීමට නොහැකි වීම මත ඩීසල් නෞකාවක් දින තුනක් තිස්සේ කොළඹ මුහුදු සීමාවෙන් නවතා තිබේ. එම නෞකාවට අවශ්‍ය ඩොලර් ගෙවීම අද දිනයේ ද සිදු කිරීමද සහතික නැති බව තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now