මීටර් 400ක් පොළොව යට සුපිරි හෝටලයක් විවෘත කෙරේ..(VIDEO)

England World
By Aruna Jun 09, 2023 05:15 AM GMT
Aruna

Aruna

Report

මීටර් 400ක් පොළොව යටට වී මිනිසුන්ට විවේක ගැනීමට හැකි පරිදි නව හෝටලයක් විවෘත කර තිබෙනවා.

'ලෝකයේ ගැඹුරුම හෝටලය' ලෙසින් හඳුන්වනු ලබන මෙය ඩීප් ස්ලීප් හෝටලය එක්සත් රාජධානියේ උතුරු වේල්සයේ එරිරි ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන ස්නෝඩෝනියා කඳුකරයට යටින් පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම හෝටලය තුල කාමර 4ක් ඉදි කර ඇති අතර සති අන්තයේ පමණක් මෙහි නවාතැන් ගැනීමට විවෘත කරන බව හෝටලයේ අයිතිකරුවන් සදහන් කර තිබෙනවා.

රාත්‍රියක නවාතැන් ගැනීමට හෝටලයට පැමිණෙන පුද්ගලයන් දෙදෙනෙකු සඳහා පවුම් 350ක් අය කරන බව ද සඳහන්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now