එදිනෙදා භාවිතා කරන, පොල්තෙල් සම්බන්ධයෙන් ගත් තීරණයක්..

Sri Lanka Nalin Fernando
By krishani Oct 06, 2023 03:12 PM GMT
krishani

krishani

Report

වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති පොල්තෙල්වල වර්ගය හා මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.

අදාළ මිල ප්‍රදර්ශනය හා වර්ගය පාරිභෝගිකයාට හඳුනාගත හැකි වන පරිදි ප්‍රදර්ශනය නොකරන බෙදාහැරීම් ආයතන හා සිල්ලර වෙළෙඳසැල් මුද්‍රා තැබීමට අවශ්‍ය ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම, වෙළෙඳපොළේ පවතින පොල්තෙල්වල බහුලව පවතින අහිතකර පිළිකාකාරක රසායනිකයක් වන ඇෆොලටොක්සින් අඩංගු බවට පැමිණිලි ලැබී තිබෙනවා.

මේ හේතුවෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල්තෙල්වල සෑම මසකටම අහඹු ලෙස නිශ්චිත ඉලක්කගත සාම්පල තොග පරික්ෂා කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ.

එමෙන්ම ආනයනය කෙරෙන පොල්තෙල් එම අවස්ථාවේ දී පරික්ෂාවට ලක් කරන ලෙස එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

ReeCha