වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතික තීරණයක..

Sri Lanka Ministry of Health Sri Lanka GMOA Sri Lanka Strike Sri Lanka National Health Service
By Hashini Aug 25, 2023 05:39 AM GMT
Hashini

Hashini

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට තම සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙන බවයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ, මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත අතර එහිදී වෛද්‍ය ජී. විජේසුරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඊයේ (24) ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (25) උදෑසන 8.00ට අවසන් කෙරුණා.

වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත් වූ බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ පෙරවරුවේ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයට කැදවීමක් සිදුකර තිබුණා.  

ReeCha