මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණය..

Sri Lanka
By krishani Jun 26, 2022 02:23 AM GMT
krishani

krishani

Report

ප්‍රථමවරට මෙරට දිවයින පුරා අලෙවි වන දේශීය හා විදේශීය මත්පැන්වල ප්‍රමිතිය නිශ්චිත කාලයකට වරක් පරීක්ෂා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර ඒ පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව මගින් මත්පැන්වලට අදාළ ප්‍රමිතීන් පවත්වා ගෙන යන ලෙසට දුන් උපදෙස්වලට අනුවයි.

ඒ අනුව දිවයින පුරා මත්පැන් අලෙවිසැල්, නිෂ්පාදනාගාර සහ බෙදා හැරීමේ මධ්‍යස්ථානවල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බවත් නියමිත ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති මත්පැන් අලෙවිසැල් සහ නිෂ්පාදනාගාරවලට එරෙහිව පියවර ගන්නා බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha