අධ්‍යාපන ඇමති ගුරුවරුන්ට දුන් පොරොන්දුව (VIDEO)
ගුරු - විදුහල්පති ගැටලු සඳහා තවත් මාස තුනකින් අය වැය ලේඛනය හරහා විසදුම් ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර එම ගැටලු සඳහා කඩිනමින් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඒ සඳහා පත්කළ කමිටුවට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ පවතින තත්ත්වය හේතුවෙන් පාසල් විවෘත කිරීමට නොහැකි බැවින් මාර්ගගත අධ්‍යයන කටයුතුවලින් ඉවත් නොවන ලෙස ද ජී.එල් පීරිස් මහතා ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ වනවිට අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි සිසුන් 622,000ක් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අතර එම ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වී තිබෙන්නේ ගුරුවරුන් සෞන්දර්යය විෂයයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත් වී සිටීම නිසා බවත් එබැවින් දරුවන් පිළිබඳ සිතා අවුරුදු 24ක් තිබුණු ගැටලුවක් සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක නොගත් දැඩි ක්‍රියාමාර්ග ගෙන එම දරුවන් අපහසුතාවට පත් නොකරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරයි.
මේ වනවිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සලසා තිබිය දී දරුවන් පීඩනයට ලක්නොකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජී.එල් පීරිස් මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
