ලංකාවම සංවේදී කරවමින් ඊශ්‍රායලයේ දී මිය ගිය යටවර ගැන එකවරම ගත් තීරණය.

Israel Death Israel-Hamas War
By krishani Nov 05, 2023 12:28 AM GMT
krishani

krishani

Report

ඊශ්‍රායලයේ දී මියගිය යටවර බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

එමෙන්ම ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසීය.

ඊශ්‍රායලයේ සාත්තු සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි සුජිත් බණ්ඩාර යටවර අතුරුදන් වූ බව වාර්තා වූයේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි.

ඔහු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටිය හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පසුගිය 31 වැනිදා දැනුම් දී ය.

නමුත්, සුජිත් බණ්ඩාර යටවර මියගොස් ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර (03) වෙනිදා තහවුරු කළේ ය.

ඒ ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල ඔස්සේ යි.

මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මෙලෙස අදහස් පළ කළේ ය,

"ඊයේ වෙනකම් අපි හිතන් හිටියේ ජීවතුන් අතර ඉන්නවා කියලා. මම ආයෙත් තානාපතිතුමාට කථා කළා..

ඒකත් විශ්වාස නෑ කියලා මගේ හිත කියපු හින්දා. තානාපතිතුමා කථා කරලා කිව්වා දුවලගේ DNAවලට ගැලපෙනවා කියලා.. ඔයා හිත හදාන්න කියලා. මහත්තයාගේ එකම හීනය වුණේ දුවව රටකට යවන්න. හැමෝටම කියලා තියෙනවා ආයේ ලංකාවට යන්නේ දුවව රටකට යවලා කියලා." යනුවෙන් ය.

කෙසේ වෙතත්, වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ යටවර මහතා, මියයන විට 48 වැනි වියෙහි පසු විය.

2018 වසරේ දී සාත්තු සේවකයෙකු ලෙස ඊශ්‍රායලයේ සේවයට ගොස් තිබූ ඔහු වයස අවුරුදු 8ක පුතෙකුගේ සහ වයස අවුරුදු 13ක දියණියකගේ පියෙක් වේ.

ReeCha