බස් අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට..

Sri Lanka Accident
By krishani Oct 25, 2022 10:57 AM GMT
krishani

krishani

Report

අද (25) මාවනැල්ල අන්වාරම ප්‍රදේශයේ දී කොළඹ - නුවර මාර්ගයේ සිදු වූ බස් අනතුරකින් කාන්තාවක් මියගොස් ඇත.

වංගුවක් සහිත ස්ථානයක දී ලංගම බස් රථයක් තවත් ලංගම බස් රථයක් ඉස්සර කර ඉදිරියට ධාවනය වන විට ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදු වූ අතර ඉන් තුවාල ලැබූ 38 දෙනෙක් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් 05 දෙනෙක් බරපතළ තුවාල ලබා සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. මරණකාරිය 67 හැවිරිදි කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික ගුරුවරියක් ය.