සැමියා මුහුදට ගිය අතරතුර බිරිඳ අභිරහස් ලෙස ඇඳක් මත මිය ගිහින්..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Death
By krishani
අද (25) උදෑසන වැලිගම ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පොලීසියට නිර්නාමික දුරකථන පණිවුඩයක් ලැබී ඇත.
ඒ අනුව අදාළ නිවාසය පරීක්ෂා කිරීමේ දී එම කාන්තාවගේ සිරුර හමු වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් වන ජෝති කොරටුව, වල්ලිවල ප්‍රදේශයේ පදිංචිකාරියක් ය.
ඊයේ (24) දහවල් ඇගේ සැමියා ධීවර රැකියාව සඳහා ගොස් ඇති අතර ඔහු නැවත නිවසට පැමිණ ඇත්තේ අද උදෑසන ය.
එසේ පැමිණෙන විට සිය බිරිඳ කාමරයක ඇඳ මත මියගොස් සිට තිබෙනවා.
