මුදල් නොමැතිකම හේතුවෙන් මියගිය බිරිඳගේ මළසිරුරට සැමියෙක් කළ දේ..
අවමංගල්‍ය කටයුතු සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් මියගිය තම බිරිදගේ දේහය රහසිගතව නිවස පිටුපස මිහිදන් කළ පුවතක් වාර්තා වේ.
එම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර- විජයපුර, පණ්ඩුකාභයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙක් ය.
දින කිහිපයක සිට අදාළ කාන්තාව අතුරුදන් බවට ඇයගේ ඥාතී සොහොයුරියක විසින් මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ මැදවච්චිය පොලිසිය අදාළ කාන්තාව පදිංචිව සිටි නිවසට ගොස් සෝදිසි කර තිබෙනවා.
එහිදී අදාළ සැමියා පිළිබද ඇති වූ සැකයක් මත ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර ඔවුන් නීත්‍යානුකූලව විවාහ නොවුනත් වසර ගණනාවක සිට අඹුසැමියන් ලෙස ජීවත්ව ඇති බව එහිදී අනාවරණය විය.
පසුගිය දිනෙක නිවසට පැමිණි අවස්ථාවේ ඇය කුස්සියේ මිරිස් අඹරන ගල අසළ බිත්තියට හේත්තු වී නිසොල්මන්ව සිටිනු දැක කළ සොයාබැලීමක දී මියගොස් ඇති බව තමන් දැක ඇතැයි එම පුද්ගලයා පොලිසියට සඳහන් කර ඇත.
ඇය අධි රුධිර පීඩනයෙන් පෙලුණු බවත් කුලී වැඩ කර ඉපැයූ මුදලින් ඖෂධ රැගෙන තමා නිවසට පැමිණි බවත් ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා ඇත.
මේ අතර අවමංගල්‍ය කටයුතු සදහා තමන් සතුව මුදල් නොතිබූ බැවින් රහසිගතව එලෙස ඇයගේ සිරුර මිහිදන් කළ බව මෙම සැමියා පොලිසියට පවසා ඇත.
ඒ අනුව ඊයේ(01) පස්වරුවේ අදාළ කාන්තාවගේ සිරුර මිහිදන් කර තිබූ ස්ථානයෙන් ගොඩගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව මරණය පිළිබදව තොරතුරු අනාවරණ කරගත හැකි බව පොලිසිය පැවසීය.
කෙසේවෙතත්, සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |