බිරිඳ මියගිය ශෝකයෙන් සැමියාට වුන ඛේදනීය ඉරණම..
By krishani
සිය බිරිඳ සියදිවි හානි කරගැනීම හේතුවෙන් සිත් තැවුලට පත් බංගදෙණිය දෙමටපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ටිපර් රථයකට පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කිරීමේදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ 37 හැවිරිදි දෙදරු පියෙකු වන අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එම පුද්ගලයාගේ බිරිඳ පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ (09) ගෙළ වැළලාගෙන ඇති අතර ඇයව රෝහල්ගතකර කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ටිපර් රථයකට මෙම පුද්ගලයා පැන ඇත.
එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |