ඒ ආදරණීය පවුලේ සතුට සුණු විසුණු වෙලා සතියක්..(PHOTOS)
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8 වනදා වෙඩිතබා ඝාතනය කෙරිණ.
ඔහුගේ වියෝවෙන් ලංකාවම කම්පාවට පත් විය.
ඒ වාගේම සිය ආදරණිය පියා අහිමි වීමේ සොවින් ඔහුගේ පවුලම තවමත් සොවින් පසු වේ.
ඒ වෙනුවෙන් නිවසේ පැවති පින්කමක ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.
ඒ පහත සටහන ද සමගින්...
"අපගේ ආදරණීය පියාණන්ගේ වියෝව ගැන ශෝක වන අතර, මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී උදව් උපකාර කළ ඥාතීන්, මිතුරන්, අසල්වාසීන් සහ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙමු. අපගේ ආදරනිය පියාණන්ගේ අවමංගල්‍යයට වූ ඔබගේ සහභාගිත්වය මෙන්ම අපට පුද්ගලිකව, දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය හරහා එවන ලද සියලුම ශෝක පණිවිඩද අපි ඉතා අගය කරමු. ඔබගේ කාරුණිකත්වයද අප හා එක්ව ශෝකය බෙදා ගැනීම පිලිබදවද අපි ඔබට ස්තූතිවන්ත වන අතර මෙම කාලය තුළ අප පවුලට දක්වන ලද සහයෝගය අගය කර සිටිමු."